Social Icons

Pages

Featured Posts

Friday 10 July 2020

මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ඉල්ලීමක්

මහ මැතිවරණයට අදාළව නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ වහාම රෙගුලාසි ලෙස ගැසට් කළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි බලාත්මක වී නොමැති වීම මැතිවරණ කොමිසම මුහුණ දී ඇති ප්‍රධාන ගැටලුවක් බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඒ මහතා මේ බව පැවසීය.

මෙම මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මැතිවරණ කොමිසමට ලබා දී මසකට වැඩි කාලයක් ගත වී තිබුණ ද තවමත් රෙගුලාසි වශයෙන් ගැසට් මගින් ප්‍රකාශයට පත්ව නැති බවත් මේ සම්බන්ධයෙන් වගකිව යුත්තන්ගේ අවධානය යොමු විය යුතු බවත් ඒ මහතා පෙන්වා දෙයි.

පවතින කොවිඩ්-19 වෛරස තත්ත්වය යටතේ ජනතාව නිසි පරිදි ආරක්ෂිත පියවර අනුගමනය නොකිරීම හේතුවෙන් හැකි ඉක්මනින් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතු බව ඒ මහතා පවසයි.

මැතිවරණ රැළිවල ඊට සහභාගී වන පුරවැසියන් මෙන්ම දේශපාලකයින්, අපේක්ෂකයින් හා ඔවුන්ගේ ආධාරකරුවන් ඇතුළු සියලු දෙනා අදාළ සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි අනුගමනය කරන ලෙස ඒ මහතා ඉල්ලා සිටියි.

අපයෝජනයට ලක් කළ 17 සිසුවියව මිය යන්නට ඉඩ හැරිය 24 තරුණයා

ලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අපයෝජනයට ලක් කළ සිසුවියක බලන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය යාමේ සිද්ධියට සම්බන්ධ සැකකාර තරුණයා මේ මස 10දා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස
බලන්ගොඩ මහේස්ත්‍රාත් රුවන් දිසානායක මහතා පෙරේදා (07දා) නියෝග කළේය.

හිටුවල පුඩුකාඩුව ප්‍රදේශයේ පදිංවී ගයාන් මධුශංඛ (24) නමැත්තෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. බලන්ගොඩ, වලේබොඩ ලිපිනය පදිචි බී.ඒ. හිමංසා දෙව්මිණි දයාරත්න (17) නමැති පාසල් සිසුවිය මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව තිබිණි.

පසුගිය වසරේ සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත්ව උසස් පෙළ හැදෑරීමට සූදානම්ව සිටි ඇය පසුගිය 05දා සිය මවුපියන්ට දන්වා බලන්ගොඩ නගරයට පැමිණ ඇත්තේ නගරයේ පාසලකට ඇතුළත් වීමට අවශ්‍ය අඳුම් පැළඳුම් සහ උපකරණ රැගෙන යාමටය.

 එහෙත් අඳුර වැටෙන තුරුත් ඇය නිවසට නොපැමිණීම නිසා මවුපියන් ඇතුළු පිරිස ඇය පිළිබඳ විපරම් කර තිබේ. එහිදී දැනගන්නට ලැබී  ඇත්තේ හිටුවල පුඩුකාඩුව ප්‍රදේශයේ තරුණයෙකු විසින් ඇය පැහැරගෙන ගොස් නිවසේ රඳවාගෙන සිටින බවයි. අනතුරුව එම තරුණයාගේ නිවස වෙත ගොස් සිසුවියගේ මවුපියන්ගෙන් විමසුවත් නිවසේ සිටි වැඩිහිටියන් පවසා තිබුණේ නිවසේ තරුණියක් නොමැති බවයි.පසුව සිසුවියගේ වැඩිහිටියන් නිවස පරික්ෂා කිරීමේදී එහි කාමරයක ඇදක් මත සිසුවිය සිහිසුන්ව සිටිනු දැකීමෙන් පසු ඇයත් සැකකාර තරුණයාත් රැගන පින්නවල පොලීසියට පැමිණ තිබේ.
අනතුරුව අධික රුධිර වහනය වෙමින් සිහිසුන්ව සිටි සිසුවියව පොලීසියේඋපදෙස් අනුව බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය පෙරේදා (07දා) ජීවිතක්‍ෂයට පත්ව ඇත.
සිසුවියගේ පියා වන බී.ඒ. නිමල් දයාරත්න මහතා (42) පින්නවල පොලීසියට පවසා තිබුණේ මෙම තරුණයා සමග තම දියණිය ප්‍රේම සම්බන්ධයක් පැවති බවට දැනගන්නට නොතිබූ බවයි.
පිත්නවල පොලිසිය සිද්ධිය පිළිබද වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

අජිත් ලාල් ශාන්ත උදය, බලන්ගොඩ රෝහණ වසන්ත

Sunday 5 July 2020

පියවරුන්ගේ දිනයේ අහඹු සිද්ධියකින් කෝටිපතියෙකුවූ අයිස් පලම් වෙළෙන්දා

සුගියදා සමරනු ලැබූ පියවරුන්ගේ දිනයේදී අව්වේ පිච්චෙමින් අයිස් පලම් විකුණමින් සිටි වැඩිහිටි පුද්ගලයෙකුට ලද උපහාරය විදෙස් මාධ්‍ය තුළ පුවත් මවා තිබේ.
උෂ්ණාධික ගිම්හාන දිනයක ඇමරිකාවේ චිකාගෝහි කරත්තයක් තල්ලු කරගෙන යමින් අයිස් පලම් විකුණූ මොහු 70 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙකි. උෂ්ණාධික කාලගුණයක් යටතේ මෙය ලෙහෙසි පහසු කාර්යයක් නොවුවද ඔහුට මුණගැසුණු යහපත් පාරිභෝගිකයන්ගේ කාරුණික ක්‍රියාවක් නිසා ඔහුට මෙම සිදුවීමෙන් පසු ඇතිතරම් මුදල් ලැබීමෙන් රැකියාවෙන් විශ්‍රාම ගැනීමට අවස්ථාවක් උදාවී තිබුණි.

රොසාරියෝ ඩෙල් රියල් නමැති මෙම පුද්ගලයා ඔහුගේ වයසින් අඩක් වන බොහෝ පුද්ගලයන්ටත් වඩා වෙහෙස මහන්සි වී වැඩ කරයි. මේ මාසය වන තෙක් ඔහු නිවසේ සිට වඩු වැඩවල යෙදී සිටියේය. අනතුරක් හේතුවෙන් වඩු කාර්මික වෘත්තියෙන් සමු ගැනීමට සිදු වූ රොසාරියෝ ශීතකරණයක් සහිත කරත්තයක අසල්වාසීන්ට අයිස් පලම් විකුණමින් දවස ගෙවීය.
හිතවතුන් විසින් දොන් රොසාරියෝ ලෙස හඳුන්වන මොහු උපත ලබා තිබෙන්නේ මෙක්සිකෝවේ සකටෙකාස්වලය. අයිස් පලම් විකිණීමේදී ඔහු පාරම්පරික ඇඳුමින්, එ‍‍‍ඬේර තොප්පියකින් සහ සිදුරු කරන ලද බෙල්ට් පටියකින් සැරසී සිටියි.
එදින එක්සත් ජනපදය පුරා සිටි පියවරුන්ට නිවාඩු දිනයක් වුවද රොසාරියෝට නම් එය රාජකාරියේ යෙදෙන තවත් දිනක් පමණක් විය. එදින පවුල්වල සාමාජිකයන් සමඟ බාබකිව් දමමින් සිටි වික්ටර් ඩොමින්ගස් සහ ඔහුගේ මිතුරා වූ ඔස්කා ගොන්සාලෙස් විසින් රොසාරියෝටද ඔවුන් හා එක් වීමට ආරාධනයක් ලැබී තිබේ.ඔහු එම පුද්ගලයන් සමඟ ඉක්මනින් මිතුරු වූ අතර රොසාරියෝට නිවෙසට ගොස් විවේක ගැනීමට අවස්ථාව ලබා දීම සඳහා ඔහුගේ කරත්තයේ තිබූ අයිස් පලම් සියල්ලම මිල දී ගැනීමට එම පුද්ගලයන් තීරණය කර තිබේ.

මෙසේ අයිස් පලම් සියල්ලම මිල දී ගන්නා අවස්ථාව ඔහුට ආරාධනා කළ පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයෙකු වීඩියෝ කර ඇති අතර එය සමාජ ජාල ‍තුළ පළ විය. මෙම වීඩියෝව බොහෝ පුද්ගලයන්ගේ අතට පත් විය. පසුව මෙම පුද්ගලයා සඳහා අරමුදලක් එකතු කිරීමට පුද්ගලයෙකුව පත් කරන ලදි. මුල්ම ඉලක්කය වූයේ ඔහු වෙනුවෙන් ඩොලර් 10,000ක් එකතු කිරීම වුවද ඔහුව නාඳුනන ත්‍යාගශීලි පුද්ගලයෙකු විසින් ඔහු වෙනුවෙන් ඩොලර් 62,000ක පරිත්‍යාගයක් සිදු කර තිබේ. (ශ්‍රී ලංකා මුදලින් රුපියල් එක්කෝටි පහළොස් ලක්ෂයක්)

වැඩ කිරීමට ලැබෙන අවස්ථාව වරප්‍රසාදයක් ලෙස තමන් සැලකුවද ඔහුගේ පාරිභොගිකයන්ගේ ත්‍යාගශීලිත්වය දුටු විට තම දෑස කඳුලින් බර වූ බව රොසාරියෝ පවසා තිබේ. ඔහු එසේ පැවසුවේ ඔහු වෙනුවෙන් පුද්ගලයෙකු පරිත්‍යාග කර තිබෙන විශාල මුදල් ප්‍රමාණය පිළිබඳව දැනගැනීමටද පෙරය.
“මම කැමති නැහැ ගෙදරට වෙලා කිසිවක් නොකර ඔහේ අරමුණක් නැතිව ඉන්න. මා වෙනුවෙන් මෙම උපකාරය සිදු කළ පුද්ගලයන්ට ස්තුතිවන්ත වෙන්න මා ළඟ තිබෙන කිසිවක් ප්‍රමාණවත් වේවි කියා මා සිතන්නේ නැහැ. මට ලොකු සතුටක් දැනුණා” රොසාරියෝ පැවසීය.දොන් රොසාරියෝ එක්සත් ජනපදයට මුල්ම වතාවට පැමිණ තිබෙන්නේ 1969දීය. 1979දී ඔහු එහි පුරවැසියෙකු බවට පත් වී තිබේ. ඔහු මුල්ම වතාවට පැමිණි අවස්ථාවේදී ඔහුගේ පවුලේ දරිද්‍රතාවයෙන් පෙළුණු බවත් ඔවුන්ගේ එකම ඉලක්කය වූයේ දිනකට සෑම දිනකටම එක් ආහාර වේලක් හෝ හරි හැටි ලබාගැනීමත් බව ඔහු පැවසීය.

කැලිෆෝනියාවේද ටෙක්සාස් සහ ඔරිගන්වලද ඔහු වැඩ කර තිබේ. අවසානයේදී චිකාගෝවලින් නිවසක් මිලට ගැනීමට ඔහුට හැකි වී තිබේ. එහිදී ඔහුට සහ ඔහුගේ බිරිඳට දරුවන් තුන්දෙනෙකු උපත ලබා ඇත. ඔහු නිවස සඳහා ගෙවීම් අවසන් කර තිබෙන්‍නේ 2015දීය.
දැන් ඔහුට නිවාඩු පාඩුව ඔහුගේ විශ්‍රාම දිවිය භුක්ති විඳීමට හැකි වුවද ඔහු දිගටම වැඩ කරන බවත් එයින් ඔහුට විශාල තෘප්තියක් ලැබෙන බවත් ඔහු සඳහන් කර තිබේ.

(“ගුඩ් නිව්ස් නෙට්වරක්” ඇසුරිනි)

Friday 8 February 2019

අවුරුදු තුනහමාරක දියණියට දස වද දී ගසක හිස හප්පා මැරූ එක්දරු පියාට මරණ දඩුවම

මව පියා අතහැර යෑම නිසා මිත්තණිය විසින් හදාවඩා ගැනීමට ලබාදුන් වයස අවුරුදු තුනහමාරක දැරියකට ආහාරපාන ලබා නොදී මාස ගණනාවක් තිස්සේ අමානුෂික අන්දමින් පහරදී සිරුරේ විවිධ ස්ථාන ගින්දරින් පුලුස්සා වදහිංසාවන්ට ලක් කර ගසක මුලෙහි හිස හප්පා ඝාතනය කිරීමේ චෝදනාවට අනුරාධපුර 
මහාධිකරණය හමුවේ අධි චෝදනා ලැබ සිටි එක්දරු පියකු එකී චෝදනාවට වරදකරු බවට නිගමනය කළ උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා ඔහුට මරණ දඬුවම නියම කළේය.

එසේ මරණ දඬුවම නියම වූයේ සම්පත්ගම සුදර්ශනගම හූරිගස්වැව ලිපිනයේ පදිංචිව සිටින ඉඟුරුවත්ත ගෙදර සේනාරත්න රණතුංග නොහොත් ගාමිණී නමැති විත්තිකරුටයි. විත්තිකරු විසින් වර්ෂ 2005 ජුනි මස 21 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී ඉහත ලිපිනයේ පදිංචිව සිටි සඳුනිකා උපේකා ලක්මාලි නමැති මාස 38ක දැරිය ඝාතනය කළ බවට ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 296 වැනි වගන්තිය

යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කර ඇති බව කියමින් නීතිපතිවරයා විසින් අනුරාධපුර මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබිණි.

Thursday 1 November 2018

රෑ කොකා'' නැමැති දුර්ලභ පක්ෂයෙක් පුත්තලමින් සොයා ගැනෙයි

පුත්තලම, ඉලංකඩිය ප්‍රදේශයේ අනතුරකට ලක්ව සිටියදී 'රෑ කොකා' නමැති දුර්ලභ පක්ෂියෙකු නිකවැරටිය 
වනජීවී පශු වෛද්‍ය ඒකකයට රැගෙන ආ බව නිකවැරටිය වනජීවී ඒකකය පවසයි.  එම සත්ත්වයාගේ තත්වය බරපතළ නොවන බවත්,තව දින කිහිපයකින් පක්ෂියා වැටී සිටි ප්‍රදේශයට මුදාහරින්න බවත් පශු වෙද්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කළේය.


නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඒකකය භාර පශු වෛද්‍ය එච්.කේ. ඉසුර මහතා සහ අඩවි සහකාර මංජුල විජේපාල මහතා ඇතුළු නිලධාරීහු පක්ෂියාට ප්‍රතිකාර සිදු කළහ.
 

Sample text

Sample Text

Sample Text

 
Blogger Templates